*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

යුක්තියේ අඩහැරය” සද්ධන්තයින් වෙනුවෙන් පරිසර සංවිධාන පෙළගැසෙයි!

කොළඹ LNW: ”යුක්තියේ අඩහැරය”නමින් අද (18) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පරිසර සංවිධාන එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මහපොළව සිපගත් සද්ධන්තයින් වෙනුවෙන් එම විරෝධතාව සිදුකරන බවටයි සංවිධායකන් පැවසුවේ.

පසුගිය කාලය තුළ සිදු වූ වන අලි සංහාරය හේතුවෙන් එම සතුන්ගේ ජීවත් වීමේ නිදහස දැන දැනම අහෝසි වෙමින් තිබෙන බව එම පරිසර සංවිධාන පෙන්වාදුන්නේය.

වනසතුන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් මැදිහත්විය යුතු වන වනජීවී දෙපාර්තමේන්තුවද සිය කාර්යභාරය අමතක කර දමා ඇති බවට ඔවුන් එහිදී චෝදනා නගන ලදී.

ඒ අනුව වහාම වන අලින්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු විය යුතු බවට වගකිව යුතු පාර්ශව වෙත අවධාරණය කෙරුණි.

මෙම විරෝධතාව සඳහා වෘත්තීය සමිති ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/614/Protesters%20demand%20justice%20for%20elephants

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan