කොළඹ LNW: “එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේදීඅද (18) ආරම්භ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුණි.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ සංවර්ධනය, ඉතිහාසයට මෙන්ම වර්තමානයටද ගැළපෙන සාධාරණ හා යුක්ති සහගත ප්‍රවේශයක් බව ගෙවීගිය දශකය තුළින් පිළිබිඹුවූ බව චීන ජනාධිපතිවරයා පෙන්වාදුන් අතර උසස් ගුණාත්මක භාවයෙන් යුතු“එක් තීරයක් එක් මාවතක්”සංවර්ධන ක්‍රියාවලියේදී චීනයේ සහයෝගය හිමිවන මෙහෙයුම් අටක් ඔහු මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාවට රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියේය.
ASK