මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතියි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව, සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ,

“ශ්‍රී ලංකාව තුළ සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා සේවා පහසුකම් සපයනු ලබන විවිධ සංචාරක ස්ථාන සඳහා සංචාරක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද, යෝජනාවකට අනුව මෙැවනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කරනු ලැබුවා. එම ස්ථාන අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. එය ඇත්තටම ලබා දුන්නේ අවසරයක් ඇතිව. මේ අවස්ථාව වෙන විට දිවයින පුරා 400කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබාදී තියෙනවා. කෙසේ වෙතත් මේ සතියේ සිට එම බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා තිබෙනවා අධිකරණය මඟින් ලබාදුන් වාරණ නියෝගයකට අනුව. ඉදිරියේ දී එම බලපත්‍ර ලබාදීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ලෙස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...