පාකිස්ථානයේ ලාහෝර්හි පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ පකිස්ථානයේ ලාහෝර් පළාතේ අගනුවර වන පන්ජාබ්හි කාන්තා විශ්ව විද්‍යාලයක සිසුවියක් දුෂණය කරන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් අනතුරුව ඇති වූ සිසු විරෝධතාවයන් උත්සන්න වීම හේතුවෙන් ලාහෝර්හි පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා ඇති බව වාර්තා වේ.

නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු වින්දිතයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති අතර එතැන් සිට ලාහෝර් පුරා ඇරඹි විරෝධතා විශ්වවිද්‍යාලවලට මෙන්ම රාවල්පින්ඩි හි ආරක්ෂක නගරයට ද පැතිර ගොස් ඇති අතර එහිදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිසුන්ට ප්‍රහාර එල්ල කර තිබේ.

රාවල්පින්ඩි පොලිස් නිලධාරියෙකු වන Syed Khalid Mehmood Hamdani විසින් AFP ප්‍රවෘත්ති ඒජන්සියට ප්‍රකාශ කර තිබුණේ, නගරයේ පැවති විරෝධතා වලදී විනාශ කිරීම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 380 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.

මේවන විට බලධාරීන් විසින් සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට නියෝග කර ඇති අතර මෙමඟින් සිදුවන හානිය විශ්ව විද්‍යාලවල සිසුන්ට අමතරව ළමුන් මිලියන 26 කට පමණ බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...