සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :
මේ දිනවල පුහුණුකරුවන් ගැන ලංකාවේ විශාල විදිහට කතා කරන්නේ ලාංකිකයෙකු වන චන්දික හතුරුසිංහ ට බංගලාදේශයේ පුහුණුකරු තනතුරෙන් යන්න සිඳුවීම ගැනය.බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන්ට ළඟා වීමට නොහැකි වූ බොහෝ කඩ ඉම්වලට සමීප කරන්නට හැකි වූ පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ ක්‍රීඩකයෙකුගේ කණට ගැසීම නිසා ඔහු ඉවත් කරන්නට බංගලාදේශ ක්‍රිකට් ගෙන ඇති තීරණය නිසාය.
නූතණ සදාචාරාත්මක ලෝකය මේ හිංසනකාරී අවවාද පිළිගන්නේ නැත.අවවාද කියන වචනය මෙවැනි හැසිරීම්වලට ආදේශ කරන්නේ අපේ සම්ප්‍රදායික විශ්වාස විසින්ය.කෙනෙක්ට උගන්නන්න තඩි බාන්නම ඕනි යන දුර්මතය මෙන්ම අප බොහෝ කාලයක සිට චාරිත්‍රයක් සේ රකින අපට උසස් පුද්ගලයන් ඉදිරියේ වහලුන් සේ හැසිරීමේ චර්යාව නිසා ද,කුමන හෝ ඉගැන්වීමක් කරන පුද්ගලයෙකුට කෙනෙකුට කන පුරවා පහර දීමට අයිතියක් ඇති බව ඉහළින්ම සිතන්නේය.මේ නිසා ඉහළට යාම මෙන්ම ඉගැන්වීමේ කුමන හෝ තත්ත්වයක සිටින අපේ සමාජයේ කෙනෙක්ට එය අනෙකාට පහර දීමට දෙන බලපත්‍රයක් සේ සිතෙන චර්යා රටාව හතුරුසිංහටත් තම අත ඉස්සිමට බලපෑවා විය හැකිය.
එය ලංකාවේ වූවානම් ක්‍රීඩා අමාත්‍යංශයේ එවැනි දේ සම්බන්ධ බලතල තියෙන අයට (ක්‍රීඩා ඇමතිගේ තත්ත්වය තවම කිව නොහැකියි) හතුරුසිංහ මාර ගුරුවරයෙක් හෝ පුහුණුකරුවෙක් විය හැකිය.පරීක්ෂණයක්වත් දඩුවමක්වත් නැත.ගලන වැරදි පාරේම ගලන්නට දී හතුරුසිංහට සුබ පතන්නටද ඉඩ ඇත.මෙසේ කියන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් විසුරුවා පරිපාලනය බලය තමන් යටතේ තබාගෙන සිටින රගර් ක්‍රීඩාවේ පුහුණුකරුවෙක්, පාසල් ක්‍රීඩකයෙක්ගේ කණට ගසන වීඩියෝ දසත සැරි සරමින් තිබුණ ද ඒ පුහුණුකරු ගැන දඩුවමක් ලියන්නට අතක් සොලවන්නේවක් නැත.පරීක්ෂණයක් නැත. ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව පාලනය කරන තැන්වලින් වාර්තාවන්නේ මෙයනම් එය ලංකාවේ අනාගත ක්‍රීඩාව කෙරෙහි කෙසේ බලපානු ඇද්දැයි අප විමසිල්ලෙන් සිටිය යුතුය.
මේ අතරට ක්‍රීඩා අමාත්‍යංශය පුහුණුකරුවන් ගැන ක්‍රීඩකයන් ගැන නොසිතා තීරණ ගන්නා බවට වාර්තාවන අලුත්ම සිඳුවීම වාර්තා වන්නේ මේ දිනවල හොංකොං රට හරහා දිවීමේ තරගයට පුහුණුකරුවන් තේරිමේදී ගෙන ඇති තීරණය අනුවය.එහි ගොස් සිටින පුහුණුකරු දක්ෂයෙකි.ඉතිහාසයක් ඇති බොහෝ අවස්ථාවන් නොලැබුණු අයෙකි.එහෙත් ඒ රට හරහා තරගය නියෝජනය කරන ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ පුහුණුකරු නොවෙන්නේය.ඒ නිසා සජිත් ජයලාල් හෝ උපාලි වික්‍රමසිංහ යා යුතු ගමණ පණ්ඩුල සිල්වා යාම ගැන අප එකඟ නැත.ක්‍රීඩා අමාත්‍යංශය එය තීරණය කරන හැටි හිතා ගන්නටද අපහසුය.
තමන්ට නිසි තැන නොලැබීමට සටන් කිරීමට අප එක සිතින් පක්ෂය.එහෙත් ඒවාට හිලව් වන්නට වෙන කෙනෙක්ගේ අවස්ථාවක් දුන් විට එය භාර ගැනීමටනම් ප්‍රශංසා කරන්නට නොහැකිය.ඒ නිසා එවැනි හිමි නැති දේ ප්‍රතික්ෂේප කිරීමට මෙන්ම අහිමි දේ ට සටන් කරන්නට ද දැක්මක් නැති වපසරියක ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගොඩ නැඟෙන්නේ නැත.
ක්‍රීඩකයන්ගේ කන නොරිදෙන එකක් සේ සිතන නිලධාරීන්ගේ අඩුව ඔළුව විය යුතුය.ඒ ඔළුවල සිතුවිලි නිවැරදි නොවන්නේනම් ක්‍රීඩාවේ කණට වැදෙන පහරවල්වලින් ක්‍රීඩාව යළි නැගිටින්නට නොහැකි ලෙසම වැටෙන්නට හැකිය.මේ සම්බන්ධයෙන් නිලධාරි කරන වැඩ ගැන තීන්දුවක් හෝ පරීක්ෂණයක් නොකර සිටින ඊට ඉහළ දේශපාලන බලධාරින් තමන්ගේ ඡන්දය තෙක් මේවා පමා කරමින් සිටියදී වෙන හානිය සුළු නැත.උදාහරණයකට යළි හොංකොං රට හරහා තරගය ඡන්දය දිනා පවත්වන්නට නොහැකිය.එසේම මේ ලැබුණු බලපත්‍රලාභි කණට ගැසීමේ වරප්‍රසාදය ඡන්දයට පෙර ඒ පහර දුන් පුද්ගලයාම හෝ ඔහු ආදර්ශයට ගත් වෙනත් පුද්ගලයෙක් විසින් ද අනුගමනය කළහොත් ඡන්දය වෙන විට කන් පැලීම සාමාන්‍ය වී පුහුණුකරුවන් එය අයිතියක් සේ භාවිතයට ගනිමින් සිටින්නට ද හැකිය.