මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

පසුගිය දා වන අලි රංචුවක් දුම්රියක ගැටීමෙන් හානි වූ දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙන අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය ද මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

මින්නේරිය රොටවැව මන්සංධිය ආසන්න දුම්රිය හරස් මාර්ගයේ ඊයේ අළුයම වන අලි රංචුවක් ගැටීමෙන් අලි දෙදෙනෙකු මිය ගිය අතර, ඉන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය. ඒ සමග මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

වහා ක්‍රියාත්මක වූ දුම්රිය සේවකයින් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කළ අතර , ඒ සමග මඩකලපුව කොළඹ අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කෙරුණි. ඒ මෙම ස්ථානයේ දී අඩු වේග සීමා යටතේයි. කෙසේ වෙතත් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වූ තෙල් ටැංකි ඉවත් කිරීම හා දුම්රිය මාර්ගයේ ස්ථීර ඉදිකිරීම් අවසන් කිරීමට තවත් සතියක පමණ කාලයක් ගත වනු ඇති බව දුම්රිය නිලධාරීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...