තවත් නව සභාපතිවරයෙක්!

0
1374

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ග්‍රාමීය, නාගරික සංවර්ධන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (Urban Settlement Development Authority) නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතාව පත් කර තිබෙන බව පැවසේ.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ, අමාත්‍ය විජිත හේරත් මහතා විසිනුයි.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස හා අම්පාර දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස සේවය කර ඇති අසංක අබේවර්ධන මහතා වසර 30 කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ දක්ෂ නිලධාරියෙකු ලෙස මහජන සේවාවන් සදහා කැප වූ නිලධාරියෙකි.

මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා අතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද එක්ව සිටි බව පැවසේ.