*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

රංග සීමා බිත්ති බිඳී,රංගධරයෙකුගේ මතකය අවුස්සන “බිත්ති හතරක දැවන්තයා“ ඔක්තෝබර් 25 සුදර්ශියේදී

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

බිත්ති හතරක දැවන්තයා.ඒ නම මරුය.එසේ කියන්නේ දැවන්තකමට බිත්ති බිඳ දැමිය හැකි බව ද ගම්‍ය වන බැවින්ය.සිය හඬ පෞරෂයෙන් මෙන්ම රංගන කෞශල්‍යෙයෙන් ද ශ්‍රාව්‍ය දෘශඨ මාධ්‍ය රංග සීමාවල පැවති පටු බිත්ති ඉවත් කළ දැවන්තයෙක් වෙන නීල් අලස් අපේ රංග කලා ඉතිහාසයේ වර්ථමානයි විසින් හැදෑරිය යුුතු චරිතයකි.

මේ වන විට 75 වන වියේ පසුවන මේ රංග පෞරුශය අගය කරන්නට වඩාත්ම සුදුසු ඔහුගේ රංගනය ආදරැති පරපුරට නරඹන්න දීමය.එහිදී වඩාත් වැදගත් වන්නේ නීල් අලස් නැවත වේදිකාවේ රඟනු දැකීම වුවත්,වේදිකාවේ සජීවීත්වය කාලය පස්සට දමා රැක ගන්න අපහසුයි.වේදිකාවේ වසර 25 ක් යනු එයට මුල් වරට සම්බන්ධ වන නළුවාද ජීවිතයේ විසිපස් වසරක් ගෙවා අවසන් බව කීමකි.එසේ නොවුණානම් හැංගිමුත්තංවලින් පටන් ගත් ඔහුගේ නාට්‍ය ජීවිතය ” දුන්න දුනුගමුවේ ” නාට්‍ය සඳහා ඔහු සම්භන්ධ කරගත් අතර , ඉන් අනතුරුව වේදිකා නාට්‍ය රැසකටම එක්වන්නට ඔහුට අවස්ථාව හිමිවිය . ඒ අනුව ,හිරු නැති ලොව , ආඬිරැලේ නාඩගම , අංගාරා ගඟ ගලා බසී , කැලණි පාලම , තාරාවෝ ඉගිලෙති , ධවල භීෂණ ,අවි,ට්‍රෝජන් කාන්තාවෝ , වෙස්සන්තර , යෙර්මා , ගජමන් පුවත , අඹුසැමියෝ,තල මල පිපිලා , අන්දරේලා, මායාදේවී,ස්වර්ණමාලි, ඉඩම , බිංගේ, දිවැස හෙලනු මැන , ඇතුළු වේදිකා නාට්‍ය 75 කට ආසන්න ඉතිහාසයෙන් තෝරා ගත් නාට්‍ය කිහිපයක පරණ පුරුදු නීල් අලස් සිය රංග පෞරශය විහිදාලනු නරඹන්නට තිබිණි.


එහෙත් සිනමාව හෝ රූපවාහිනි මාධ්‍යය වයසට යන්නේ ඇත.එහි සිටින වයස 25 නළුවා එය පෙන්වන හැමදාම වයස 25 ලෙසම ජීවත් වෙන්නේය.මෙහිදී රූපවාහිනියටත් වඩා බලවත් ලෙස සමීප රූප සහ පුළුල් තිරය නිසා අපිට එම රංගනය තදින් දැනෙන්නේය.අපව වැළදගන්නේය.ඒ නිසා සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනය නීල් අලස් ඇගයීමට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරෙන් චිත්‍රපට තුනක් සහෘද සිනමාලෝලීන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට තෝරා ගැනීම අපූරු වැඩක්ය.
සිංහල සංස්කෘතික ආයතනයේ සිනමා අනු මණ්ඩලය විසින් සිඳු කරන මේ සත් ක්‍රියා සිනමා දැක්මට ඔබට ප්‍රවේශපත්‍ර සඳහා මුදල් රැඟෙන එන්නට අවශ්‍යය නැත.නීල් අලස්ට ආදරය ඇති සියලු රසවතුන්ට සුදර්ශි ශාලාවේ එලෙන පුළුල් තිරය නොමිලේ නීල් අලස් දැක ගන්නට විවෘතව ඇත.
පහත දැක්වෙන්නේ රංගනයේ සීමා බිත්ති බිඳ ප්‍රාතිහාර්ය පෑ නීල් අලස් නම් රංගධරයාගේ සිනමා රංගනය ඔක්තෝම්බර් 25 වන දා දවස පුරා ප්‍රදර්ශණයට විවෘත වන කාල සටහනය.

උදෑසන 10.30
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කල “සතර පෙර නිමිති” චිත්‍රපටය .
සවස 2.30
ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කල
” මුතු මැණිකේ” චිත්‍රපටය
සවස 6.30
පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කල
” බිත්ති හතර ” චිත්‍රපටය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan