ලංකාවේ සමස්ත ණය 2025 පළමු මාස 06 තුළ රු. ට්‍රිලියන 01 කින් ඉහළ ගිහිං!

Date:

ඔක්තෝබර් 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට බදු දැවැන්ත ලෙස ඉහළ දැමීමක් සිදුව තිබිය දී, සහ උපයෝගීතා සඳහා පිරිවැය-පිළබිඹු කරන මිල ගණන් ක්‍රියාත්මක කරමින් තිබියදී ත් මෙලෙස ණය මුදල දැවැන්ත ප්‍රමාණයකින් ඉහළ යාම විශේෂත්වයකි. 

මෙමඟින් රජයේ ණය ඉතා දරුණු අන්දමින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි. 

2024 දෙසැම්බර් මාසය අවසන්වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 28.7 ක් වූ අතර, 2025 ජූනි මාසයවන විට මාස 06 ක කාලයක් තුළ එය රුපියල් ට්‍රිලියන 29.7 දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයකළ හැකිය. 

දිනකට රුපියල් බිලියන 5.6 ක පමණ ඇදහිය නොහැකි අනුපාතයකින් මාස 06 ක් තුළ රුපියල් ට්‍රිලියන 01 ක ණය ඉහළ යාමක් මෙමඟින් පිළිබිඹු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...