2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග රජයේ අවධානය යොමුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර පහකින් දීර්ඝ කරගැනීම සඳහාත් ජනතාවගේ අනුමැතිය ඉල්ලා සිටිමින් මෙම ජනමත විචාරණය පැවැත්වීමට යෝජනා වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් අසල්වැසි රටක රාජ්‍යතාන්ත්‍රික අංශ සමග ද සාකච්ඡා පවත්වා ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇත්තේ එක් ජනමත විචාරණයක් පමණි. ඒ 1982 වසරේදී එවකට පැවති පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 6කින් දීර්ඝ කර ගැනීම සඳහා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පවත්වන ලද ජනමත විචාරණයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...