කොළඹ LNW:ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පවසන පරිදි ගතවූ මාස 9ක කාලය තුළ ලබා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක් බව දැක්වෙයි.
කෙසේ නමුත් එය පසුගිය 2025 වසරේ එම කාලය සාපේක්ෂව සංසන්දනය කළ විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.
පසුගිය 2025 වසරේදී ගතවූ මාස 9ක කාලය තුළදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9ක් උපයා තිබේ.
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට සංචාරක ආදායමින් ඩොලර් මිලියන 185.6ක් උපයාගෙන ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී වර්ධනයක් පෙන්නුම් කරන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ආදායමින් මෙරට ඩොලර් මිලියන 182.9ක් උපයාගෙන ඇත.
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,693,679ක් පැමිණ තිබේ.


