*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/19

1. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ නැති බවත්, ඒ එහි ඇති ඇතැම් විධිවිධාන හඳුන්වා දී ඇත්තේ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මිස මහජන ප්‍රයෝජනය සඳහා නොවන බව නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරයි – උදාහරණයක් ලෙස “ද්විත්ව පුරවැසියන් මැතිවරණවලට තරඟ කිරීමට නුසුදුස්සන් කිරීමේ” ප්‍රතිපාදනය සපයා තිබෙන්නේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර ගෙන බව පවසයි.

2. “ආර්ථික අර්බුදයට” අදාළ මූලික අයිතිවාසිකම් නඩුවල පෙත්සම්කරුවන්ට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු වන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ වගඋත්තරකරුවන් ලෙස නම්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්! – මුදල් මණ්ඩලයෙහි රැස්වීම්වලට සහභාගී වීම සඳහා ඔවුන් දෙදෙනාට රු. මිලියන 2.7 බැගින් ලැබුණු බවට වාර්තා පළ වී ඇත.

3. 2023 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි – රජයේ ණය සීමාව තවත් රු. බිලියන 663කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය.

4. බදු පනතේ සංශෝධන මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට වසර 03ක් සඳහා වූ සියයට 14 ක සහනදායී අනුපාතයක් ලැබීම අවසන් කරනු ඇති බව Ernst & Young හි බදු හවුල්කරු සුලෙයිමාන් නිශ්ටර් ප්‍රකාශ කර සිටියි – ඒ අනුව, අනුපාතය 2022 ඔක්තෝබර් 1 සිට සියයට 30 දක්වා වැඩි වනු ඇත.

5. කුමන හෝ සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි කඩ කරන්නේ නම් සහ සේවා කඩාකප්පල් කරන්නේ නම් ඔවුන්ට වහාම නීතිමය හා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්!

6. කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 01 කින් දීර්ඝ කරයි – වසර අවසන් වන විට වයස අවුරුදු 60, 61 හෝ 62 හි පසුවන අයට පිළිවෙලින් වයස අවුරුදු 61, 62 සහ 63 දක්වා සේවය කිරීමට අවසර ලැබෙයි – වයස අවුරුදු 59 පසුවන්නන්ට 60 න් විශ්‍රාම යා හැක.

7. නාවික හමුදාව දකුණු මුහුදේ නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටි කාර්ය මණ්ඩල 6 කින් යුත් යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කර ගනී – දින 31 ක් පුරාවට එම යාත්‍රාව හා සබඳතා බිඳ වැටී තිබිණි.

8. අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් “සංහිඳියාව පිළිබඳ අනුකමිටුවක්” පත් කරයි – “විවිධ ජන කොටස්” අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ ප්‍රමුඛ කොටගෙන, නැවත පදිංචිකිරීම්, ඉඩම් ලබා දීම් සහ අතුරුදන් වූවන්ට අදාළ ගැටලුවලට විසඳුම් යෝජනා කිරීම ආදිය මෙහිදී අපේක්ෂා කරයි.

9. 2022 අගෝස්තු මාසයේ දී විදුලි ගාස්තු ඉහළ දැමුව ද ඉදිරි මාස 4 තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රු. බිලියන 152 ක පාඩුවක් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි -2022 පළමු මාස ​​8 තුළ සිදුව ඇති පාඩුව රු. බිලියන 108.6 ක් බව ද අනාවරණය කරයි – පාඩු වලට හේතුව “පිරිවැය පරාවර්තක” මිල නියම කිරීම ප්‍රමාද වීම බව ද පැහැදිලි කරයි.

10. ඔස්ට්‍රේලියාවේ දී පැවති ICC T20 ලෝක කුසලාන “A” කාණ්ඩයේ තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 79 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාවට ජයක් – ශ්‍රී ලංකා පිල 152/8 (පන්දුවාර 20); එක්සත් අරාබි එමීර් රාජ්‍යය සියලු දෙනා දැවී 73 (පන්දුවාර 17.1); තරඟයේ වීරයා – පැතුම් නිශ්ශංක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan