ආසියාවෙන් ලංකාවේ රගර් ඉවත් කිරීමේ ඒකාධිපතිවාදයක්!

Date:

ආසියානු සත් සාමාජික රගර් තරග යටතේ ඔක්තෝම්බර් 22 – 23 තායිලන්තයේ පැවත්වෙන සත් සාමාජික තරගාවලිය සදහා ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට අවසර නොදෙන්නට ආසියානු සම්මේලනය කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ නීතියෙන් ක්‍රියාත්මකවීමට සහ නිලවරණයක් පැවත්වීමට අවසර දුන් ශ්‍රී ලංකා රග්බි සඳහා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ආසියානු සම්මේලනය ගෙනෙන මෙම වාරණය වැරදි බවත්,කළාපීය ක්‍රීඩා සංගමයකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය සහිත රටක් ක්‍රීඩා සංගමයකට මේ ආකාරයෙන් වාරණය කිරිමට ඉඩක් නැති බවත් ආසියානු සම්මේලනයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා දන්වා සිටියදී මේ ආකාරයෙන් කටයුතු බරපතල කාරණයකි.

ක්‍රීඩා සංගමයක ස්වාධීනත්වයකට වඩා රටක ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය නොසළකා හරිමින් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයකි.තමන් ශ්‍රී ලංකාවේ රගර් කීඩාවට පය තබා ගොඩ වුණු ආසියානු සම්මේලනයේ තනතුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ද තමන්ගේ ගමණට උර දුන් ඉණිමඟ පෙරලීම ගැන කිසිඳු විරෝධයක් නොදක්වා එහි රැදී සිටීමින්,ලාංකිකයන් හැටියට රටේ නීතිය විසින් අවසර ලබා දී ඇති ක්‍රීඩා සංගමයකට එරෙහිව යාම පුරවැසියෙකු ලෙස සිය රට වෙනුවෙන් පෙනී නොසිට යම් පාවාදීමක් සිඳු කිරීමක් ලෙස ද හැඳන්විය හැකිය.

රටේ ක්‍රීඩා අමාත්‍යවරයා ද මේ සඳහා අවසර ලබා දෙන සේ ආසියානු රගර් සම්මේලන සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ රටේ නීතියෙන් එම සංගමයට ලැබ ඇති අවසරය පෙන්වා දෙමින්ය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානීන් ද ශත පහකට ගණන් නොගනිමින් ආසියානු සම්මේලන සභාපතිවරයා මුල් වී ආසියානු සම්මේලනය මෙහෙයවීම නින්දිත සහ අනීතික ක්‍රියාවක් ලෙස සළකා ඉදිරියේ දී කරුණු සහිතව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,ජාත්‍යන්තර රගර් සම්මේලනය දැනුවත් කළ යුතුව ඇත.
එසේම මෙවැනි තත්ත්වයක තමන්ගේ තනතුරු රැක ගනිමින් ආසියානු සම්මේලනයේ කටයුතු කරන,රටේ රග්බි ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් බලයට එන්නට නොහැකිකම නිසා දේශපාලන ආශිර්වාදයෙන් අතුරු කමිටු පත් කර එහි පුටුවලට එන්න කෙළ හලන පිරිස් ද රටේ රග්බි ලෝලීන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...

දෙස් විදෙස් කෙළි බිමට විවර ශ්‍රී ලයන්ස් මුල් පුටුව තව දුරටත් කැළුම් සුජිත් ට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ 2025/2026...

වායු සමීකරණ උපකරණවල සැඟව මෙරටට ආ කුෂ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 14 කොළඹ LNW: රුපියල් කෝටි හතරක් පමණ...

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ...