ගෝඨාභයට යළි නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි !

Date:

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා 2011 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කෙරෙන නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය දී ඇති තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන්ට දැනුම් දී තිබේ.

ඒ, එම පෙත්සම අද ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවා තිබෙන බවයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥවරයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව ඔහුට යළිත් නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරයාට දැනුම් දුන් විනිසුරු මඬුල්ල පෙත්සම යළි දෙසැම්බර් 15 වනදා කැඳවන ලෙසයි නියම කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...