බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවයට ආ Dua Lipa ට හමු වූ අමුත්තිය!

Date:

පසුගිය දිනවල වැඩි කතාබහකට ලක් වූ බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. එයට ජනප්‍රිය චරිත කිහිපයක් පැමිණි අතර ඉන් ප්‍රධානත්වයක් ගනු ලැබුවේ එක්සත් රාජධානියේ වර්තමාන රජු වන තෙවන චාර්ල්ස් රජුගේ රාජකීය අගමෙහෙසිය කැමිලා(Camilla) ය.

උත්සවයේ දී රාජකීය අගමෙහෙසිය වන කැමිලා සහ Dua Lipa අතර සුහද සාකච්ඡාවක් ද විය. පොත් කියවීම ඔවුන් දෙදෙනාගේම සම විනෝදාංශයක් බව ද දැන ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා විය. කැමිලා ආර්‍යාව සහ Dua lipa අතර මේ පිළිබඳ සිදු වූ කතාබහ හැගීම්බර කතාබහක් විය.

III චාල්ස් රජුගේ රාජකීය අගමෙහෙසියගේ නව කාර්යයන් අතර වැදගත් සිදුවීම් සහ උත්සව සඳහා සහභාගී වීම ඇයට පැවරී ඇති රාජකාරීන් අතර වේ. ඉකුත් සඳුදා පැවති බුකර් ත්‍යාගය ප්‍රදානෝත්සවයට ද ඇය ගේ පැමිණීම සිදුවූයේ ද එබැවිනි. ඇය එයට සහභාගී වූයේ තම සොහොයුරිය වන ඇනබෙල් එලියට් සමඟ ය.

කැමිලා ආර්‍යාව සහ Dua Lipa ඔවුන්ගේ හමුවීමේ ප්‍රීතිය සහ කියවීමේ වැදගත්කම ඉස්මතු කිරීමට ඔවුන් කෙතරම් උද්යෝගිමත්ද යන්න’ දෙදෙනාගේ කතාබහ හමුවේ පැහැදිලි විය.

“අපගේ රාජකීය අගමෙහෙසිය මෙහි සිටීම සතුටක්. ඇය කතුවරුන් ගැන සැබවින්ම සැලකිලිමත් වන නිසාත්, පෙර වසරවලදී ඇයට පැමිණීමට නොහැකි වූවත්, ඇය ඔවුන් පිළිබඳ සොයා බැලීමට අමතක නොකල බව” බුකර් ත්‍යාග පදනමේ ලේකම් ඊව් ස්මිත් ද පවසා ඇත.

ජනප්‍රිය ගායිකා Dua Lipa ද මේ පිළිබඳ තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීමට අමතක නොකළා ය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවට ද විශේෂයෙන් වැදගත් විය. එයට හේතුව වසරේ බුකර් සම්මානය හිමිවූයේ ශෙහාන් කරුණාතිලකට වීම යි.
ශෙහාන් ඔබට ජය!

මෙහි දී රාජකීය අගමෙහෙසියගේ කරුණාබර හිත සහ අන්‍යෝන්‍ය සබඳතා මනාව පිළිබිඹු විය.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...