තවත් වෙඩි තැබීමක්. අයෙක් මරුට, සිව් හැවිරිදි දරුවකුට බරපතළ තුවාල !

Date:

ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිදිරි දරුවකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (19) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ නිවසක කුරුඳු තළමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන ය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මෙසේ වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

මෙහිදී සිව් හැවිරිදි දරුවාට අමතර 43 හැවිරිදි අයෙකුට සහ 38 හැවිරිදි අයෙකුට වෙඩි වැදී ඇත.

එයින් 38 හැවිරිදි පුද්ගලයා අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා විය.

කුඩා දරුවා සහ 43 හැවිරිදි පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහල කරා රැගෙන ගොස් තිබුණු අතර 43 හැවිරිදි පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වෙන්නේ.

සිව් හැවිරිදි කුඩා දරුවාගේ තත්වය බරපතළ බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...