ඇමති බන්දුල සම්බන්ධ පුවතක් නිසා වරප්‍රසාද කමිටුවට කැඳවන මාධ්‍යවේදීන් වෙනුවෙන් සජිත් යළි හඬ නඟයි

Date:

නෙත් එෆ්. එම්. රේඩියෝවේ හේමන්ත කහවලගේ, පවිත්‍රා මධුහර්ෂණී, සචිත් රවීෂ හා ස්වප්නා කාවින්දි යන මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බැවින් මෙය වහා නවත්වන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් සම්බන්ධ සිදුවීමකට මෙසේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන ඒම අනුමත කළ නොහැකි බවත් නිදහස් නිවහල් ස්වාධින මාධ්‍යයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සෑම විටම පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමහර මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින අවස්ථාවේ නිදහස් නිවහල් මාධ්‍යයක් වෙනුවෙන් බොරුවට පෙනී සිටියත් ආණ්ඩුවට පැමිණි පසු සිය ස්ථාවරය වෙනස් කරන බවත් ය.

මේ අවස්ථාවේ අප සියලු දෙනාම නිදහස් නිවහල් මාධ්‍ය ආරක්ෂා කිරීමට එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...