*
Friday, May 3, 2024
spot_img

Latest Posts

උතුර, ගාසා තීරය සහ අපේ අප්පුහාමිලා ….

උතුරේ යුද්ධය පටං ගන්ඩ අවුරුදු ගානකට කලිං ඉඳනුයි, යුද්ධය පැවතුන අවුරුදු තිහ පුරාමයි, ඒ මගුල ඉවර වෙලා ත් අද වෙනකලුයි ලංකාවේ උගතුන් බුද්ධිමතුන් කියන උං විතරක් නෙවෙයි අපේ ගමේ පොල් කඩන උක්කුනේලාත් දෙකට බෙදිලා වාද කලේ ම උතුර දෙමලාගේ නිජබිමද? දෙමල වීම නිසාම උංට තියෙන අවුල මොකක්ද?, යුද්ධය පටං ගත්තේ කවුද වගේ හෙන දාර්ශනික ප්‍රශ්න මිසක ඒකට ස්ථිර දේශපාලන විසඳුමක් හරි ඒ වෙනකල් කෙරෙන තාවකාලික විසඳුමක් ගැන නෙවෙයි.

ලංකාවේ බහුතරයක් හිටියේම අනෙකාව කපලා කොටලා වෙඩි තියලා මූදට විසි කරලා වර්ග සංහාරයක් කරලා හරි යුද්ධය යුද්ධයෙන්ම ජය ගන්ඩ ඕනැයි කියලා.

අන්තිමට බහුතර සිංහල බෞද්ධ මතවාදයෙන් ඉහලට ඔසවා තිබ්බ රාජපක්ෂලා ඒ බහුතරයට ඕනැ විදියටම යුද්ධය දිනුවා.

සිය දහස් ගනං මිනී කඳු දැක දැක , යුධ මානසිකත්වයෙන් කුල්මත් වුන දකුනේ බහුතරය කිරි බත් කාලා යුද ජයග්‍රහනය සමරලා අත පිහදා ගත්තා.

හැබැයි යුද්ධයෙන් දිනුවේ ඒකට මැදිහත් වුන සොල්දාදුවාවත්, සබන් කැටේට ඉඳන් බදු ගෙවලා යුධ වියදම් ගෙවපු අපේ ගමේ උක්කුනේලාවත් නෙවෙයි, යුද්ධය පෙන්නලා කෝටි ගනං හම්බ කර ගත්ත විතරක් නෙවෙයි, මෙරට බලය තහවුරු කර ගත්ත රාජපක්ෂලා විතරයි කියලා තේරෙනකොට රාජපක්ෂලා අපි ඔක්කොටම හොඳම එකෙං ඇරලා ඉවරයි.

ඊශ්‍රායල් පලස්තීන ගැටුම ආපහු පටං ගත්ත තැන ඉඳනුත් ලංකාවේ අප්පුහාමිලා කරන්නේ ගාසා තීරයේ මුල් උරුමකරුවන් යුදෙව්වන්ද, කතෝලිකයන්ද, මුස්ලිමුන්ද වෙන මොකෙක් හරි එකෙක්ද කිය කියා වාද කර කර ඉන්න එක.

තලෙයිබානු පන්නයේ ලාංකීය සමහර මුසල්මානුවන් මේ හරහා සිංහලයත් එක්ක තියෙන ඇරියස් කවර් කරන්ඩ හිතාන ආටි ගහනකොට, තලෙයිබානු පන්නයේම සිංහල බෞද්ධයින් කරන්නේ මුසල්මානුවන් මතට මිසයිල ප්‍රහාර දියත් කරන එක.

යුද්ධයට සෘජුව මැදිහත් වුන සෙබලුන් සහ ගරිල්ලන්ට වඩා දෙපැත්තෙන්ම තිරිසන් විදියට මරා දමන්නේ නිරායුධ සිවිල් පුරවැසියන් බවත්, එයින්ද බහුතරයක් ළමුන් හා කාන්තාවන් බවත් පැහැදිලියි.

මහා ඇලෙක්සැන්ඩර් තමං කියලා හිතාන ඉන්න හමාස් ලොක්කා ළමයි ගෑනු මර මරා උගේ ගස්තරකම පෙන්නද්දි , ඊශ්‍රායලය හදන්නේ ද එයට නොදෙවනි මෙහෙයුමක් හරහා මහා වර්ග සංහාරයකට ගොස් ගාසා තීරය මුලුමනින්ම සිය අණසකට යටත් කර ගැනීමට තැත් කිරීමය.

ඇමරිකාව පෙර පරිදිම ඊශ්‍රායලය පිටු පස සිටී.ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමරිකානු න්‍යාය පත්‍රයක් බව පැහැදිලිය.එක්සත් ජාතීන්ගේ සංවිධානය ගලේ පහරපු බලලෙක්ගේ තත්වයට වැටී තිබෙන්නේද ඒ නිසාය.

පලස්තීනයේ සහයට රුසියාව හෝ අරාබිකරයේ වෙනත් රටක් පැමිනෙනු ඇතැයි සිතිය නොහැක.

එසේ තිබියදී හමාස්ලා එදා මාවිල් ආරු හොරොව්ව වසා දමා සියතින් ගෙල සිඳගත් LTTE භූමිකාව රඟ දක්වමින් මේ ක්‍රියාවේ යොදවන්නේ කාගේ න්‍යාය පත්‍රයක්ද යන්න පැහැදිලි නැත.

න්‍යාය පත්‍රයක් කෙසේ වෙතත් ඔවුන් දිරච්ච ලනුවක් ගිල ඇති බවනං පැහැදිලිය.

ඒ ලනුව දුන්නේ මොසාඩ් හෝ කේජීබී වැනි ඔත්තු සේවයක් වීමේ වැඩි ඉඩක් ඇත.

ගාසා තීරය මේ වන විට දැඩි ආහාර හා ඖෂධ හිගයකින් පෙලේ.විදුලිය බිඳ වැටී ඇති අතර ඉන්ධන හිගය එයිට වැඩිය.

සරණාගත කඳවුරු හා රෝහල්වල දහස් ගනන් මරණයේ මුවවිට සිටී.

දකුනේ සිට උතුරට කොරිඩෝවක් ඇර දවසකින් දෙකකින් මිලියන දෙකක ජනාතාවක් ගාසා තීරයෙන් පිටතට ගත නොහැකි බව දැන දැනම ඊශ්‍රායලය සිවිල් පුරවැසියන් මිලියන දෙකකට ආසන්න පිරිසකට මරන වරෙන්තු නිකුත් කර ඇත.

එසේ තිබියදිත් ගහපියව් මරපියව් කියමින් අපි අපේ පරන පුරුදු කැලෑ ගතිය ලෝකෙට පෙන්වමින් සිටිමු.

අපි අර අසරන මිනිසුන්ගේ ජාතකය පරික්ෂා කරමින් සිටින්නෙමු.

~ වසන්ත සිරි වටගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan