ලොක්කාගේ ගේම් ප්ලෑන් එක හිතවතෙක් එළිකරයි !

රටේ ලොක්කා ආයෙත් නම් ඡන්දෙකට එන්නෙ නෑ කියලා කතාවක් සමහරු මේ වෙනකොට තැන් තැන්වල කිය කියා යනවානෙ. ඒත් ඉතින් ඔය පුටුවේ වාඩි වෙච්චි කෙනෙක් ඕක අතාරියි කියලා හිතන්න බෑනෙ.

කොහොම වුණත් ලොක්කා මේ දවස්වල කරන වැඩත් එක්ක ලොක්කාගේ ප්ලෑන් එක මොකක්ද කියලා හිතාගන්න බැරුව විපක්ෂයේ වගේම ආණ්ඩුවේ කස්ටියත් ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ.

පහුගිය දවසක අර සුවාදීන සෙට් එකේ මීගමු පැත්තෙ හාදයා ඇතුළු කට්ටියක් ලොක්කාට හිතවත් අලි පාටියේ සීනියර් කෙනෙකුත් එක්ක කතාවක් දාගෙන ඉද්දී ඔය මාතෘකාවත් ඇදිලා ආවා ලු.

මීගමු පැත්තෙ හාදයාගෙ සෙට් එකේ අදහස වුණේ ලොක්කාට එහෙම මොකුත් ගේම් ප්ලෑන් එකක් තියෙන වගක් නම් පේන්න නෑ, යන තත්වෙත් ටික ටික අමාරු වේගෙන එන්නේ, ඉක්මනින් මොකුත් නොකළොත් වැඩේ අල වෙන්නත් බැරි නෑ කියන එක ලු.

එතනදී අලි පාටියේ සීනියර් එක්කෙනා කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්,

“ඔය ලොක්කා ඡන්දෙට එන්නෙ නෑ කියලා අර කොම්බු හාදයා එහෙම කිය කියා ගියාට ඒවා ගණං ගන්න ඕනෙ නෑ. ලොක්කා අනිවාර්යයෙන්ම ඡන්දෙට එනවා. ඒ එන්නේ අලි පාටියෙන් නෙවෙයි. සුවාදීන පොදු අපේක්ෂකයා හැටියට. ලකුණ හංසයා. ඉක්මනින්ම කැම්පේන් පටන් ගනියි”

ඒ කට්ටිය කතාවෙච්චි දේවල් තමයි. අපි ඕවා දන්නෙ නෑ ඉතිං …. බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...