ප්‍රථම වරට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පස් දින නිල සංචාරයක් සඳහා, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය දිවයිනට පැමිණ ඇත.

ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙස , ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170ක් නියෝජනය කරන , ජාත්‍යන්තර වානිජ මණ්ඩලය ලෙස මෙය හැඳින්විය හැක.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යන සංවිධාන නියෝජනය කරන එකම වාණිජ මණ්ඩලය ද වන්නේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයයි.

දිවයිනට පැමිණි මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...