යුද්ධය කිසිවක් විසඳන්නේ නැත – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

මානුෂීය ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන ලෙසයි පාප්වහන්සේ ඉල්ලා ඇති අතර, සිය සතිපතා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය අමතමින් පාප් වහන්සේ සියලු පාර්ශ්වයන්ගෙන් සිය ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටි බව , වතිකානු නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

යුද්ධය කිසිවක් විසඳන්නේ නැති බව පවසමින් පාප්වහන්සේ පවසන්නේ මරණය විනාශය කරා අපව ගෙන යන බවත්ය.

යුද්ධය යනු සාමය නොව වෛරය, පළිගැනීම වැඩි කරන ආයුධයක් බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා ඇත.

පාප්වහන්සේ තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , යුද්ධය ලෝක පැවැත්මේ අනාගතය පිළිබඳව දැඩි ලෙස බලපෑම් සිදු කරන අතර සාමය උදෙසා සෑම අයෙකුම කටයුතු කරන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...