*
Monday, October 21, 2024
spot_img

Latest Posts

යශෝධ ලංකා ලංකාව පෙරමුණට රැගෙන එයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 20,(LNW) කොළඹ :

ඕමානයේ ක්‍රියාත්මක ආසියානු නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ පළමු ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.එහිදී ශ්‍රී ලංකාවට,හොංකොං චීන කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක් ජයක් ලබන්නට හැකි වෙනවා.කාසියේ වාසිය ලැබුණත් හොංකොං කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට ආරාධනා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 5 ට ලකුණු 178 ක් කරා යන්නට මඟ පෙන්වමින් විශිෂිඨ ඉණිමක් දියත් කරන යශෝධ ලංකා පන්දු 33 න් ලබා ගන්නා ලකුණු 56 බෙහෙවින් වැදගත් වෙනවා.ඉණිම අරඹමින් ලකුණු 141 වන තෙක් කඩුල්ලේ සිට සිව්වන කඩුල්ල ලෙස දැවී යන යශෝධා තමන්ට ඉතා දිගු කාලයක් තිස්සේ බලපාමින් තිබූ අවස්ථාවක් නැති වීමේ ඛේදවාචකයට ලද අවස්ථාවෙන් ඉහළම පිළිතුරුක් ලබා දෙමින් රැස් කළ ලකුණු 56 නිසා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වීරයා හැටියට ඇගයීමට ලක් වෙන්නටත් යශෝධාට පුළුවන් වෙනවා.


නුවනිදු ප්‍රනාන්දු (25),සහන් ආරච්චිගේ (23) සහ තරගයේ අග භාගය වේගවත් කරමින් පන්දු 12 දී ලකුණු 24 ක් නොදැවී ලැබූ රොමේෂ් මෙණ්ඩිස් ලකුණු 178 ලකුණු පුවරුවට ලබා දුන් විශාල සහය අති විශිෂ්ඨයි.
පන්දු ඕවරයකට ලකුණු 9 ට ඉතාමත් ආසන්න ඉලක්කයක් සහිතව පිටියට පිවිසි හොංකොං පිලට මුල සිටම දැඩිව පීඩනය දැණුන අතර ඒ පඩනය තව දුරටත් පැතිර ගියේ ලකුණු 35 දී පිට පිටම පන්දු දෙකකට කඩුලු දෙකක් දවා ගන්නට ඒෂාන් මාලිංග සමත් වීමත් සමඟයි.තරගයේ හයවන කඩුල්ලට බාබර් හයාට් (38) සහ යෂීම් මුර්ටාසා (44) එක්ව ලකුණු 74 ක සබඳතාවයක් එකතු කළ ද,එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණත් තරගයට යම් ජීවයක් කැඳවා ගෙන එන්නට සමත් වුණා.එහෙත් අවසාන පන්දු ඕවරයේ දී එම දෙදෙනාම ගොදුරු කර ගන්නට නිපුන් රංසික සමත් වෙනවා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් හොංකොං කණ්ඩායමේ ගමණට පීඩනයක් ඇති කළ මද වේග පන්දු යවන්නන් දෙනොම නිතර ජාතික තගයේ පාසල් ක්‍රිකට් සමඟ බැදුණු නම් නොවන අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලයේ සහ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් නිර්මාණය වූ ක්‍රීඩකයින් වීමත් මෙහිදී අවධානයට ලක් කළ යුතුයි.ශ්‍රී ලංකාවේ කිනම් අතක දක්ෂයෙක් සිටියත් ජාතික තලයේ අවධානය ගැනීමට හැකි මාවත් තිබෙන බව පැහැදිළි වුණත්,දක්ෂයන් මතු විමට අවශ්‍යය පහසුකම් පරිසරය තව දුරටත් පොහොසත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ගන්නා උත්සාහය තවත් වේගවත් සහ සාධනීය ලක්ෂණවලින් පිරී යත්නම් වඩා වැදගත් වෙනු ඇති බවට මේ දෙදෙනාගේ දක්ෂතා සාක්ෂි ලෙස ගත හැකියි.
ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න. https://es.pn/48cOZ62

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan