පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 එක්වන්න – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 වනදා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර, වංචනිකයින්ගෙන් සහ දූෂිතයින්ගෙන් තොර නව පාර්ලිමේන්තුවක් බිහි කිරීම එහි අරමුණ බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල් කරමින් ජනතා සේවා වේගවත් කරන බවයි. මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය කටුනායකදී පැවැත්වුණු අතර, ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධාන කර තිබුණු අතර, ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්,  පක්ෂ  ක්‍රියාකාරීන් මෙන්ම අති විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...