පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 එක්වන්න – ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 වනදා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර, වංචනිකයින්ගෙන් සහ දූෂිතයින්ගෙන් තොර නව පාර්ලිමේන්තුවක් බිහි කිරීම එහි අරමුණ බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල් කරමින් ජනතා සේවා වේගවත් කරන බවයි. මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය කටුනායකදී පැවැත්වුණු අතර, ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධාන කර තිබුණු අතර, ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්,  පක්ෂ  ක්‍රියාකාරීන් මෙන්ම අති විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...