ජනපති අනුරගේ නියෝගය මැ.කො. අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත.

එම ව්‍යාපෘති පටන් ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යන පදනමේ සිට මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා තිබෙන අතර, පළාත් ආණ්ඩුකාර ධුරය යනු දේශපාලන පත්වීමක්වීම එයට හේතුවක් වී ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අක්‍රීය වී ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරකම් එහි සම සභාපතීත්වය දරන පළාත් ආණ්ඩුකාරවරුන් යටතේ අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබිණි.

2024 වසරේ අයවැයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මකවූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවීම, අධීක්‍ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට පැවැරී තිබූ බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රීය වීම හේතුවෙන් එම ව්‍යාපෘති ද අතරමග නැවතී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...