රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහ අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, ප්රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය.
පසුගිය 16 වනදා රාත්රියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට ගොස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබූ අතර එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් තමන් භාරයට ගෙන තිබිණි.
එම සේප්පුවේ තිබී හමුවූ යම් මුදල් ප්රමාණයක මූලාශ්රය හෙළිකිරීමට අසමත් වීමේ චෝදනාවක් මත ඊයේ දිනයේදී මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සංජය සමරසිංහ යනු නාමල් රාජපක්ෂගේ පාසල් සමයේ පටන්ම සමීප මිතුරෙකු ද වේ.


