සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්රණ කරන පාර්ශ්වවලට එරෙහිව ජනතාව පාරට බැසිය හැකි බවත් එය වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා පවසයි.
“ජනතාව දන්නවා මේ ආණ්ඩුව පත්කරගත්තේ කොහොමද, ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනෙ, මොන මොන කුමන්ත්රණද යටින් ක්රියාත්ම වෙන්නෙ කියන ඒවා ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පාරට එන්න පුළුවන්. ඉතින් ඒක අපි වළක්වන්නේ නෑ. ආණ්ඩුව විරුද්ධව හෝ පක්ෂව හෝ පාරට එන ඕනෙම කෙනෙකුට අපි ෆැසිලිටේට් කරනවා. ඒක ජනතාවගේ අයිතියක්. ඒ අයිතිය අපි ආරක්ෂා කරනවා”
ප්රසන්න ගුණසේන නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ මහනුවර, හාරිස්පත්තුව ප්රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


