සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : මේව විට නැවත වරක් මැදපෙරදිග කලාපයේ යළිත් යුද උණුසුම ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ.
ඒ අනුව, ඔක්තොබර් මස 27 වන දිනට පැවැත්විමට නියමිත ඊශ්රායල මැතිවරණයට පෙර ඉරානයට ප්රහාරයක් එල්ල වෙතැයි කෙරෙන කතාබහ අතර ඩොනල්ඩ් ට්රම්ප් විසින් බෙන්ජමින් නෙතන්යාහුට සහය පල කිරීමත්, ඉරානයේ න්යෂ්ටික වැඩසටහන යළි ගොඩනැගීම පිළිබඳ ඊශ්රායලය පළ කළ කනස්සල්ල හමුවේ දෙරට නායකයන් ඉරානයේ හමුදා සහ න්යෂ්ටික ඉලක්ක වෙත නව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කළ බව කියැවේ.
කෙසේ වෙතත්, මෙම වාර්තා සම්බන්ධයෙන් ධවල මන්දිරය සඳහන් කරන්නේ ට්රම්ප් පරිපාලනය ඉරානයට එරෙහි නව ප්රහාරයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන ඇති බවට තහවුරු කිරීමක් නොමැති බවයි.
ඒ අනුව, ඉදිරි දිනවලදී ඇමරිකාවේ සහ ඊශ්රායලයේ නිල ප්රකාශ, ඉරානයේ ප්රතිචාර සහ රාජ්ය තාන්ත්රික සාකච්ඡා කෙරෙහි ජාත්යන්තර අවධානය යොමුවනු ඇත.

