විදුලි කප්පාදුවට හේතුවුණු නොරොච්චෝලේ බිඳවැටීමට මූලික හේතුව බාල ගල් අඟුරු – චානක

දිවයින පුරා විදුලි කප්පාදුවකට ද තුඩුදී ඇති නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම සිදුවුණේ මූලික වශයෙන්ම බාල ගල් අඟුරු නිසා බවත් විදුලි බල ඇමතිවරයා ඉහළ කොත්මලේ බලාගාරයේ සිදුවීමක් ගැන කියමින් රට නොමග යැවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.

“පළමුවෙන්ම කියන්න ඕනෙ මේකට ඉහළ කොත්මලේ කිසිම සම්බන්ධයක් නෑ. අමාත්යවරයා රට නොමග යැව්වා. ඉහළ කොත්මලේ ඔය බිඳවැටීම වුණේ ඊට දවසකට කලින් දහවල් 02.00 ට. මේකට ඒකෙ කිසිම සම්බන්ධයක් නෑ. මේ සිදුවීම වුණේ පසුවදා දහවල් කාලයේ. ඒ වෙලාවේ මෙගාවොට් 2800ක් පද්ධතියට අවශ්යතාවය තිබුණා. සාමාන්‍ය ක්‍රමවේදය තමයි 2800ක් පද්ධතියට ගන්නකොට රිසර්ව් එකක් මේන්ටේන් කරන්න ඕනෙ 10%ක. ඒ කියන්නෙ අතිරේක 280ක් තියෙන්න ඕනෙ මොනවාහරි දෙයක් වුණොත් ඕනෙ වෙලාවක ගන්න. ඒ වෙලාවේ නොරොච්චෝලේ බලාගාරයෙන් 180 ඒවා තුනක් තමයි ගත්තේ. සාමාන්‍යයෙන් එක ජනන යන්ත්‍රයකින් 300ක් දෙනවා. ඒ 300න් 30ක් අඩුවෙලා 270ක් සිස්ටම් එකට දෙනවා. හැබැයි සෙනසුරාදා ඉරිදා දහවල් කාලය වෙනකොට 180ක් ගාණෙ තමයි සාමාන්‍යයෙන් පද්ධතියට එකතු කරගන්නෙ. එදා ඇත්තටම වුණේ, යුනිට් 1 එකේ ඒ වෙලාවේ 178ක් තමයි ජනනය වෙමින් තිබුණේ, ඒක එකපාරටම 05කට අඩුවුණා. මොකද, යුනිට් 1 එකේ ක්‍රෑෂ් එකක් වෙනවා, ඒ ක්‍රෑෂ් එකට ප්‍රධානම හේතුව තමයි, මේකෙ නඩත්තු කටයුතු යන ක්‍රමවේදයක් තියෙනවා, මේ නොරොච්චෝලේ බලාගාරයේ අනිවාර්යය නඩත්තු කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔය ඩ්‍රම් එකේ තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. ඩ්‍රම් එක කියන්නෙ ගල් අඟුරු දහනය කරලා, ජලය වාෂ්ප කරලා තමයි උඩට යන්නේ. ස්ටීම් ගිහිල්ලා ඩ්‍රම් එකේ ප්‍රශ්නයක් උඩ තමයි මේක ඇතිවෙන්නේ. ඩ්‍රම් එකේ ප්‍රාශ්නෙත් එක්ක ඩයෆ්‍රම් එක කියලා තියෙනවා, ඒකෙන් තමයි ප්‍රෙෂර් එක ඇතිවෙන්නෙ. අර ගෙදර තියෙන ප්‍රෙෂර් කුකර් එකේ වාෂ්ප යන්නෙ, අන්න ඒ වගේ. මේකෙ ප්‍රෙෂර් එක වැඩිවෙලා ඩයෆ්‍රම් එක එකපාරටම පුපුරා යනවා. එහෙම තමයි හදලා තියෙන්නෙ. ඒකත් එක්ක තමයි නොරොච්චෝලේ බලාගාරයේ 810ම විනාඩි 20ක් යනකොට නැතිවෙනවා. පළවෙනි ක්‍රෑෂ් එකේදී 180ක් 05ට අඩුවෙනවා, විනාඩි 20ක් යද්දී සම්පූර්නයෙන්ම මේක ක්‍රෑෂ් වෙලා යනවා.

මේකට හේතුව තමයි බාල ගල් අඟුරු එනකොට, මේගොල්ලොන්ට දවස ගාණෙ රෙපෙයාර්ස් ආවා. එකක් තමයි අළු අයින් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. එතකොට එදිනෙදා කරන මේන්ටේනනස් ටික කළේ නෑ. බාල ගල් අඟුරු නිසා ඇතිවෙන ටික විතරයි මේගොල්ලො කළේ, එදිනෙදා මේන්ටේනන්ස් ටික කළේ නෑ. මේ බාල ගල් අඟුරු දහනය වුණා ගිය මාසෙ 15 වෙනිදා වෙනකල්. ඒක තමයි මම කිව්වේ, අර විදුලි කප්පාදු එනවා කියන්න හේතුව තමයි, එකපාරටම මේ නොරොච්චෝලේ ක්‍රෑශ් වුණොත් මෙගාවොට් 810ක්. මේ ආණ්ඩුව ඉක්මනින්ම කරපු වැඩේ විදුලිය කපපු එක. නිව්ස් එක යන්න කලින් කපලාත් ඉවරයි.

මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අර අතිරේක 280 තිබුණා නම් මුල් 180 ක්‍රෑෂ් වෙනවකොටම, එතනින් අඩුවෙන 175 දෙන්න මේ 280 පාවිච්චි කරන්න තිබුණා. නමුත් මේ 280 රිසර්ව් එක තිබිලා නෑ.

ඔය ඩයෆ්‍රම් එක රිප්ලේස් කරන්න නම් මේකෙ සම්පූර්ණ සිස්ටම් එක කූඩ් ඩවුන් වෙන්න ඕනෙ. මේකට අඩුම දවස් 5 – 7 අතර යනවා. හැබැයි මේ ගල් අඟුරු වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න ගියාම එක දවසට රුපියල් බිලියන 1.3ක් යනවා. ඉතින් ඩීසල් බලාගාරවලට හරි සතුටුයි. සාමාන්‍යයෙන් දවස් 5ක් විතර යනකොට කීයක් එකතු වෙනවද ?”

ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට සැකයක් ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...