සමඟිය අතේ තිබුණු පාතහේවාහැට ප්‍රාදේශීය සභාව පළාත් පාලන සහකාර කොමසාරිස් යටතට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු සහ එහි සභාපතිවරයාගේ බලතල අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතින් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2026 ඔක්තෝබර් 19 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම තීරණය ගෙන ඇත.

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් විසින් ප්‍රාදේශීය සභා පනතට පටහැනිව යම් අක්‍රමිකතාවක් හෝ වරදක් සිදුකර තිබේද යන්න පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා මීට පෙර පත්කර තිබුණ අතර එම විමර්ශන කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින අතර පරීක්ෂණය අවසන් වන තෙක් මෙලෙස සභාවේ බලතල අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

සභාවේ බලතල අත්හිටුවීමත් සමඟ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සහ එහි සභාපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යයන් ඉටුකිරීමටත් මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ. ඩබ්. ජී. එල්. අත්තනායක මහත්මිය වෙත බලතල පවරා තිබෙන අතර ඊට අදාළව විශේෂ නිවේදනය අංක 2511/09 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!

කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය...

හිටපු ජනාධිපති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් අද(20)අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

මහ කන්නය සඳහා යූරියා පොහොර තොග තුනක් මෙම මාසයේදී ශ්‍රී ලංකාවට..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මහ කන්නයේ වගා...