මහ කන්නය සඳහා යූරියා පොහොර තොග තුනක් මෙම මාසයේදී ශ්‍රී ලංකාවට..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් නෞකා තුනක් මෙම මාසය තුළ දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකු හේවගේ මහතා සඳහන් කළේ, ඉන් එක් නෞකාවක් අනිද්දා (22) දිනයේදී පැමිණීමට නියමිත බවයි.

මෙම පොහොර තොග චීනයේ සිට මෙරටට ගෙන්වනු ලැබේ.

අනෙක් නෞකා දෙක 25 වැනිදා සහ 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකු හේවගේ මහතා ප්‍රකාශ කළේය.

මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 180,000ක් පමණ අවශ්‍ය වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!

කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය...

හිටපු ජනාධිපති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් අද(20)අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

සමඟිය අතේ තිබුණු පාතහේවාහැට ප්‍රාදේශීය සභාව පළාත් පාලන සහකාර කොමසාරිස් යටතට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර...