ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ආ ඒක අල්ලන්න පුළුවන්නේ – නාමල්


​තනිකර මේ මර්ධනයක් කරන්නේ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද(20) දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

“​දැන් මේ පරිසර අමාත්‍යාංශය කරපු ඒවා ගැන කතා කරනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක. මාසයක් හමාරක් යනකන් ඒ පිළිබඳ අවධානය යොමු නොවෙච්ච එක.

​අපි දන්නවා අලි මංකඩවල් සුද්ධ කරන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම කාලානුරූපව ඒක කරගෙන එනවා. හැබැයි කවුද තුවක්කු දුන්නේ? ඔබතුමාලාගේ අමාත්‍යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුළේ කියලා අර ජනාධිපතිතුමා කිව්වා වගේ සමහරවිට මෙයා පාර්ලිමේන්තුවේදී කියන්නෙ බොරු කියලා ජනාධිපතිතුමා කිව්ව එක තේරුම් ගත්තාද දන්නේ නැහැ තහඩුවක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා වගේ දිට්වා වෙලාවේ.

​හැබැයි ඉතින් ඇමතිවරයා උපදෙස් දීලා තමන්ගේ හේනට පැලට ගෙදරට සතෙක් ආවොත් වෙඩි තියන්න කියලා ඒකට තුවක්කුත් දීලා දැන් එනවා මෙතන මේ ඒක කොහොමද වුණේ කියලා කියන්න, මොනවද කරේ කියලා කියන්න.
​ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි මෙතැන පැහැදිලිවම මේ තුවක්කු දීම තුළ වෙඩි තැබීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඉතින් අද ඔබතුමාලා මේ සංවිධානාත්මක අපරාධ නවත්වන්න පනත් ගැන කතා කරනවා. හැම හන්දියක් ගානේම වෙඩි තියලා යනවා, එක පිට එක මරලා දානවා.
​ඉතින් අහවල් සත්තුන්ටත් වෙඩි තියන්න එක අහන්න දෙයක්ද?

ඔව්, විනාශ වෙනවා තමයි ඔයාලට කියනකොට මොකද කවුද තියන්නේ කියලා ඔයාලා දන්නවනේ. නැද්ද මන්ත්‍රීතුමා? තියෙන කට්ටිය කවුද, තුවක්කු දුන්නේ අය කවුද, ඒ අයව රකින්නේ කවුද කියලා දන්නවා. ඒවා වෙලාවට එළියට එයි. ඒවා ඔව් ඔව් කික් කික් කික් ගගා ඉන්න. වෙලාවට එනකොට තමයි කට්ටියට දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙන්නේ කර නියෝජ්‍ය කථානායකතුමනි.

​අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණය හෙට අනිත් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා. දැන් ඔබතුමාලා තාක්ෂණය ගැන කතා කරනවා, ආ දැන් පහුගිය කාලේ අග්බෝ ඇතා නැති වෙලා කියලා හොයන්න ගියා හතර වටේ, දැන් තාක්ෂණය පාවිච්චි කරන්න. තාක්ෂණය පාවිච්චි කරලා මොනිටරින් සිස්ටම් එකක් දාන්නේ නැතුව මොනවද කරන්නේ ඒකට මුදල් වෙන් කරන්න.

​ආයේ මෙතනට ඇවිල්ලා මේ අර ඉතිහාසය ඔය සුරංගනා කතා අපි අහලා තියෙනවනේ, දැන් ආර්ථිකය ගැන කියපු සුරංගනා කතා. අද වෙනකොට අද වෙනකොට උද්ධමනය 8%යි මේ මාසේ. ආහාර වල වියදම 8%යි, උද්ධමනය 8%යි. අසීමිත බදු ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන්නේ, ජනතාවට දරාගන්න බැහැ.
​අනිත් පැත්තෙන් මොකක්ද? විරැකියාව වැඩි වෙනවා, කර්මාන්තශාලා වැහෙනවා. දැන් බලයට ආපු ගමන් එක සමාගමක් එළව ගත්තා, ඉන්දියානු සමාගමක්. ඔන්න දැන් තවත් චීන සමාගමකුත් ගිහිල්ලා.
​ආ හොඳ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියන්න හොඳයි එයා ගියපු හින්දා මෙයත් යැව්වා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබතුමාලාගේ න්‍යායපත්‍රය මොකක්ද? ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ ආයෝජකයෝ ගේනවා, ආයෝජකයෝ ප්‍රවර්ධනය කරනවා කියනවා, අනිත් පැත්තෙන් ඉන්න ආයෝජකයෝ හැරිලා යනවා.

​හැරිලා යනවා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හැරිලා යන ආයෝජකයා වන්දිත් ගන්නවා. ලැජ්ජයි, ඔව්, ලැජ්ජයි, වන්දිත් ගන්නවා. හැබැයි එවැනි ප්‍රතිපත්තියක් තුළ මේ රටේ ජනතාව පිට තවදුරටත් පීඩනය දාන්න එපා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තවදුරටත් පීඩනය දාන්න එපා.

​අපි දැන් ඔබතුමන්ලා ඇවිල්ලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකයි. එක පැත්තකින් විරැකියාව ප්‍රශ්නේ තාම උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නේ. තවත් පැත්තකින් ගමේ තරුණයාගේ ගැටළුව. තවත් පැත්තකින් කෘෂිකර්මාන්තය, ගොවියා අසරණ වෙලා, පොහොර ටික නැහැ, මිල නැහැ.
​මේ කාරණාවට ඔබතුමන්ලා මැදිහත් වෙන්නේ කොහොමද?

දිට්වා වන්දි එනකොට ඒකෙන් සියයට පොඩි ප්‍රමාණයයි වියදම් වෙන්නේ. ඉතුරු ටික හැරිලා යනවා, කරගන්න බැරි වෙලා. කරගන්න බැරි වෙලාද ඔබතුමාලාට කරන්න උමනාවක් නැද්ද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා.

​දැන් මේ මහා ලොකු නීතියක් ගැන කතා කරනවනේ, ඉතින් ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන අපි දන්නවා, කොහොමද වෙන්නේ කියලත් අපි දන්නවා, පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලත් අපි දන්නවා. ඇඟ බේරගන්න එක එක්කෙනාට මේක බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා. මොකද ඔබතුමන්ලාගේ න්‍යායපත්‍රය අපි දන්නවා.” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...