ඉන්ධන මිලදී ගැනීමට රුසියාවෙන් දිගු කාලීන ණය පහසුකමක් !

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගු කාලීන ණය පහසුකමක් ලබාගැනීම සම්බන්ධයෙන් රුසියානු මුදල් අමාත්‍යාංශය සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර මෙම අසීරු අවස්ථාවේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙවැනි ණය පහසුකමක ඇති වැදගත්කම ඒ මහත්මිය එහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගන්නා ආකාරය සහ ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රුසියානු මුදල් අමාත්‍යාංශය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ,

රුසියානු මුදල් නියෝජ්‍ය අමාත්‍ය මැක්සිමොව් ටිමුර්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් යන මහත්වරුන් ඇතුළුව එරට මුදල් අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...