Great Run ආයෙත් short වෙයි

Date:

2016 වසරේ අර්ධ මැරතන් තරගමාලාවෙන් පසු මහා ස්කොට්ලන්ත ධාවන තරඟය අඩු වූ දෙවන අවස්ථාව සටහන් කරමින් මෙවර ස්කොට්ලන්ත මාර්ග ධාවන තරගයේ කිලෝ මීටර් 10 ක තරගය මීටර් 150 ක් අඩු බව වාර්තා කිරීමට එය සංවිධානය කළ Great Run සමාගම අවංක වී තිබෙනවා.මේ නිසා ස්කොට්ලන්ත ජාතික වාර්තාවක් වගේම යුරෝපා වාර්තාවකුත් අවලංගු කරන්න සිඳු වෙනවා. එහි හිමිකාරිය ඒලිස් මැක්කෝල්ගන්.ඇය මෙම ධාවන තරගය ජය ගත්තේ විනාඩි 30 තත්පර 18 න්.නමුත් ඇය දිවූ දුර ප්‍රමාණය වැරදි මැණීම නිසා මීටර් 9850 ක් පමණයි කියා දැනගත් විට මැක්කෝල්ගන් කෝපයට පත් නොවන්නට තරම් නිරහංකාර වුණා.
මිනිස්සුන්ගෙන් වැරදි සිඳුවෙනවා.එයාල දැඩි අපහසුතාවයකට පත් වෙලා
මැක්කෝල්ගන් වාර්තාව අහිමිවීම දරාගෙන පවසනවා.ඇය පවන්නේ මේ වසරේ දක්ෂකම් ගැන ඇය සතුටු වෙන බවයි.වාර්තා තබමින් ධාවනයේ යෙදුණ අවසාන තරගයත් වාර්තාවක් වූවානම් හොඳ බව ඇය පැවසුවත්,තාක්ෂණික මැණිමේ ගැටළුවකින් එය අහිමිවීම ඇය දරා ගන්නේ මේ ලෝකයේ අවසානය නොවන බව පවසමින්.

මීටර් 10000 ක දුරකින් මීටර් 150 ක් අඩු වීම සාමාන්‍ය අයෙක්ට නොදැනෙන්නේ වුව ද එම දුරවල්ම ජීවිතය කරගත් කෙනෙක්ට එසේ නොවේ.තමාට තරගය අවසන් කළ පසුව එම කෙටි බව දැණුන බව ඇය සිය සහයකයාට පවා පැවසූ බව මැක්කෝල්ගන් පවසනවා.ධාවන තරගය සංවිධානය කළ ග්‍රේට් රන් සමාගම 2016 දි ද මේ තත්ත්වය වෙනස් කිරිමට යම් සමාලෝචනයක යෙදුණත්,යළිත් එවැන්නක්ම සිඳුවීමට සමහර විට ඉකුත් වසර දෙකකම ගෝලීය කොවිඩ් වසංගතය නිසා තරගාවලිය ඇණ හිට තිබි යළි ආරම්භ කිරීම බලපාන්න ඇතැයි සිතන්නත් පුළුවන්.නමුත් මේ අවස්ථාවේදි යළිත් එවැන්නක් ඇති නොවන්න අලත් පැති දෙස අවධානය යොමු කරමින් සමාලෝචනයකට ග්‍රේට් රන් සමාගම යොමු වී තිබෙනවා.
කෙසේ හෝ එය හෙළිදරව් නොකර සිටීමෙන් ක්‍රීඩාව සම්බන්ධ වැරදි දත්ත සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරන හඹායාම් නැවත්වීම සඳහා ග්‍රේට් රන් සමාගම එය හෙළිදරව් කිරීමෙන් පැහැදිළිවන්නේ ඔවුන් ක්‍රීඩාවට බැදීමක් සහ ආදරයක් ඇති බවයි.වානිජමය අපේක්ෂාව පමණක් පදනම් කරගෙන වැඩ නොකරන බවයි.ඔවුන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්න නොයා කෙසේ සිඳු වුව ද එය වරදක් බව පිළිගන්නා ආකරය ද මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක්.

“නිදහසට කාරණා කිසිවක් නැහැ.සමාවෙන්න.අපි කණගාටුව ප්‍රකාශ කරනවා.”
ග්‍රේට් රන් සමාගම වරදක් කළත් ඔවුන්ගේ හැසීරීමේ ස්වභාවය ක්‍රීඩාවට පක්ෂපාති ග්‍රේට් එකක් බව ඒ ප්‍රකාශයෙන් පැහැදිළි වුණත්,එවැනි පුළුල් ක්‍රීඩා ඉසව් සංවිධානය කරන ආයතනයකට මෙවැනි වැරදි සමඟ දුවන ක්‍රීඩකයන්ගේ ජීවිතය වන තත්පර සහ මීටර් සමඟ සෙල්ලම් කිරීමට සදාචාරාත්මක අයිතියක්නම් කෙසේවත් නැහැ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...