ගෝඨාභයගේ ඉටුකම අරමුදල වසා දැමේ …

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ “ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එම අරමුදලේ නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන ගිය අංක 85737373 දරණ නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් 18 වනදා සිට ක්‍රියාත්මක නොවන බවයි එම අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සඳහන් කළේ.

එහෙයින් එම ගිණුමට මුදල් බැර නොකරන ලෙසත් එම ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත් හා මුදල් තවදුරටත් ජනාධිපති කාර්යාලය වෙත නොඑවන ලෙසත් ඒ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉටුකම අරමුදල සඳහා රුපියල් 2,207,164,785.58 ක මුදලක් ලැබී තිබුණු අතර 2018 ඔක්තෝබර් 18 වනදා වනවිට එහි රුපියල් 216,877,431.05 ක මුදලක් ඉතිරිව තිබී ඇත. එම මුදල ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ඒ මුදල මෙරට ජනතාවට ජනාධිපති අරමුදල මගින් සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර වශයෙන් ලබාදෙනු බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...