Breaking News: ආසියාව දිනූ මලල ක්‍රිඩා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දහසින් බැදි පියලි

Date:

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 50000 ක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේදි හ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් සියලු දෙනාටම LNW කරණ ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මුදල් ත්‍යාල පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ එකඟතාවය පළ වී ඇත.
පළමු මොහොතේ දී මේ සම්බන්ධයෙන් රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්නට මිලියන දහයක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වීමෙන් පසුව අප විසින් අදාළ කරුණු දැක්වීම කරන්නට යෙදිණි.


https://sinhala.lankanewsweb.net/10/08/74307/


එතැන් සිට අපව පෞද්ගලිකවම සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කරන ලද සාකච්ඡාවන්හී පලයක් ලෙසට රිදී පදක්කම්ලාභී නදීශා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාවට රුපියල් මිලියන 5 ක් මුදලක් ද,සහවදිවීම් කණ්ඩායම් දෙකේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට එක් අයෙකුට රුපියල් මිලියනය බැඟින් ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකග වී ඇත.


එසේම සුසන්ත ප්‍රනාන්දුට තරුශිගේ පුහුණුකරු ලෙස රුපියල් මිලියන දෙකක මුදලක් සහ නදීශා දිල්හානි ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්තට රුපියල් මිලයනයක මුදලක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ප්‍රදානය කරන්නට නියමිතය.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ලෙස රිදී පදක්කම දිනා දීමට මැදිහත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 50000 ක ත්‍යාග මුදලක් පිරිනැමීට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...