අභයාරාමයේ දවසට බල්බ් 600 ක් පත්තුවෙනවා.බල්බ් අඩු කළොත් බුදු හාමුදුරුවෝ කලුවරේ තියන්න වෙන්නෙ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Date:

කොළඹ LNW:වරින් වර විදුලි බිල වැඩි කිරිම ජනතාවට මරු පහරක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

ජනතාවට මෙලෙස දුකක් දෙන්නේ නම් ඉදිරියේදී විහාරස්ථානවලටද මරු පහරක් එල්ල වන හෙයින් ජනතාව වෙනුවෙන් මහා සංඝරත්නය ඉදිරිපත් විය යුතු බවයි උන්වහන්සේ අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

”අපේ ජනතාවට මෙහෙම දුක් දෙනව නම් මම හිතනවා ඉදිරියේදි විහාරස්ථානවලටත් මරු පහරක් වෙන්න පුලුවන්. ඒ නිසා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් කරුණාවෙන් ඉල්ලනවා රොකොට්ටුවෙන් වගේ වරින් වර විදුලි බිල වැඩි කරන්න එපා ජනතාව වෙනුවෙන් මහා සංරත්නය ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලනවා. රටේ අමාරු තත්ත්වයක් තියෙනවා. අපි ඒක දන්නවා. නමුත් ඒක ජනතාවට දාන්න එපා. පාන් ගෙඩියෙන් බනිස් ගෙඩියෙන් ලයිට් බිලෙන් වතුර බිලෙන් වැදුනෙ ජනතාවට අපි කියනවා අඩු කරන්න කියලා. අපේ යුතුකම කියාදීම. අහන්නත් පුලුවන් නහන්නත් පුලුවන්. අපේ යුතුකම උපදෙස් දෙන එක. ගෝඨාභය අපේ උපදෙස් එකක්වත් පිළිගත්තෙ නෑ. එතුමා පිළිනොගත්ත නිසා තමයි කුණු බක්කියට වැටුනෙ එතුමා. අපි අනිත් අයටත් කියනවා කුණු ගොඩෙ වැටෙන්න එපා කියලා. අද පාර්ලිමේන්තුව ගත්තම තක්කඩින්ගේ රක්ෂා ස්ථානයක් මම හැමදාම කියනවා. වීදුරු කූඩුවල ඉන්න මැති ඇමතිවරු ගෙවල්වලට ගිහින් බලන්න. අභයාරාමය ගත්තම දවසට බල්බ් 600 ක් පත්තුවෙනවා බල්බ් අඩු කළොත් බුදු හාමුදුරුවෝ කලුවරේ තියන්න වෙන්නෙ.”යනුවෙන් ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...