UNICEF සහ ජාතික ජන බලවේගය අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන සහෝදරවරුද සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් UNICEF සංවිධානයට ස්තූතිය පළකරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...