ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සහාය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයට එල්ල වන අභියෝගවලට මුහුණදීමට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆනෑන්ඩර් ග්ර්සා (Maria Fernanda Garza) මහත්මිය සඳහන් කර ඇත.

වෙළඳ හා ආයෝජන, බැංකු, රක්ෂණ, පුහුණුව සහ අධ්‍යාපනය, මූල්‍ය, සංචාරක, කෘෂිකර්මය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සහය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ගැටලු බේරුම්කරණය ඇතුළත් ශ්‍රී ලංකාවේ ICC හි කාර්යභාරය පිළිබඳව ද ඇය මෙහිදී අවධානය යොමු කර ඇත.

නවීන තාක්ෂණය සමග ආර්ථිකය ඉදිරියට යාම සඳහා ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ඇය ඉන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම කෘෂි ක්ෂේත්‍රවල නියැලී සිටින ග්‍රාමීය ජනතාවටද විශාල අවස්ථා විවර වනු ඇතැයි ද පෙන්වා දී ඇත.

සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වයක් ඇති රටවල් 170 ක් ICC නියෝජනය කරන අතර 2021 දී දියත් කරන ලද ICC හි කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ආහාර සුරක්ෂිතතා සහ සැපයුම් දාම කමිටුව, ආහාර සුරක්‍ෂිතතාවයට එල්ලවන අභියෝගවලට මුහුණදිම සඳහා ක්ෂේත්‍රයේ සමාගම්වලට සහාය ලබා දීම අරමුණු කරන බවද ඇය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී මාරියා ෆනෑන්ඩර් ග්ර්සා (Maria Fernanda Garza) මහත්මිය මේ බව පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...