පොලිසියෙන් දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

වංචා සහගත ලෙස ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී මුදල් සොරා කන පුද්ගලයින්ට නොරැවටෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9කට පමණ ව්‍යාජ ඇමතුම් ලබාදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුරකට ලක්ව ඇති බව පවසා ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස දැනුම් දී තිබෙන අතර, ඇතැම් ස්ථානවලින් මුදල් ලබාදීම් ද සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සංවිධානාත්මක පිරිසක් වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදුකරගෙන යන බව මේ වන විට හෙළිවී ඇති අතර, එසේ දුරකතන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු ලෙස හෝ විශේෂිත පුද්ගලයෙකු ලෙස අගවා විශ්වාසය ගොඩනගාගනිමින් මෙම ජාවාරම සිදුකරන බව පොලිසිය පවසයි.

මෙවැනි වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...