ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක් – හසිතාට 50 යි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 21,(LNW) කොළඹ :

ආසියානු කුසලානය රැක ගැනීමේ සංග්‍රාමයේ තවත් තරගයකදී ශ්‍රී ලංකා වෙට්බෝල් කණ්ඩායම සත්කාරක ඉන්දිය කණ්ඩායමට එරෙහිව ලකුණු 81 – 31 ක පහසු ජයක් ලබා ගත්තා.අනපේක්ෂිතව තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවට යම් බලපෑමක් ඇති කළ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව ලකුණු 18 ක් ලබා ගන්නා විට ලකුණු 9 ක් රැස් කරන්නට සමත් වූ අතර පළමු ලකුණු 4 තුළ සමව සිටින්න ද සමත් වුණා.


එහෙත් දෙවන කාර්තවේදී ඉන්දීය ලකුණු යන්තරය අඩාල කරමින් ආක්‍රමණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඔවුන්ට ලකුණු 3 ක් පමණක් දෙමින් ලකුණු 21 ක් රැස් කරන්නට සමත් වුණා.තෙවන කාර්තුවේදි ඉන්දියාව යළි පිබිදිමක් පෙන්නුම් කළ ද,එම තරග වටයද ලකුණු 20 – 9 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා.අවසන් කාර්තුව වඩා වේගවත් වූ අතර දෙපිළම වැඩිම ලකුණු ලබා ගත් කාර්තුව එය වුණා.ශ්‍රී ලංකාව ලකුණු 22 ක් රැස් කරද්දී ඉන්දියාව ලකුණු 10 ක් ලබා ගන්නට සමත් වුණා.


අපහසුවකින් තොරව තරගය ශ්‍රී ලංකාව ජය ගත්තත්,අතීතයට සාපේක්ෂව බලන විට ඉන්දීය කණ්ඩායම යම් ප්‍රගතියක් ලබා තිබෙන බව මේ තරගයේදී දැක ගන්නට ලැබුණා.විශේෂයෙන් තමන්ට හුරු පුරුදු පරිසරයක දේශීය වශයෙන් ලැබෙන දිරි ගැන්වීම් ද සමඟ ක්‍රියාත්මක වුණ ඉන්දියාව අතීතයේ දී ශ්‍රී ලංකාව සමඟ තරගවලදී ඔවුන් ද ප්‍රේක්ෂකයින් වී ශ්‍රී ලංකාව ලකුණු ලබන අයුරු බලා සිටියත්,මේ වන විට ඒ තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිළි වුණා.


මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ හසිතා මෙණ්ඩිස් සිය ජාත්‍යන්තර නෙට්බෝල් දිවියේ සුවිශේෂී කඩ ඉමකට පිවිසුණා.ඒ ඇයගේ ජාත්‍යන්තර 50 වන තරගය නියෝජනය කිරීමයි.කණ්ඩායමේ සාමාජිකාවන්ගෙන් මෙන්ම කළමණාකාරීත්වයෙන් ද හසිතාට ඒ වෙනුවෙන් තරග බිමෙිදීම ඉහළ පිළිගැනීමක් ලැබුණා.


ඊයේ තරග බිමේ කණ්ඩායම් දෙකක්ම ලකුණු 100 ඉක්මවා වාර්තා කළා.ඒ අතරින් හොංකොං කණ්ඩායම මේ තරගාවලියේ දැවන්තම ජයට හිමිකම් කියමින් ලකුණු 127 – 7 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.එසේම සිංගප්පූරුව දෙවන වරටත් ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු සියයක් වාර්තා කරමින් බහරේන් කණ්ඩායමට එරෙහිව ලකුණු 107 – 10 ක ජයක් වාර්තා කළා.ජපානය සවුදි අරාබියාව පරාජය කරමින් ලකුණු 39-17 ක ජයක් ද,බෘනායි කණ්ඩායම චින තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 66 – 20 ක ජයක් ද වාර්තා කරනු ලැබුවා.මැලේසියාව විසින් මාල දිවයින පරාජයට පත් කළේ ලකුණු 64-28 ක් ලෙසයි.
අද දවසේ ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ නැහැ.එහෙත් ආසියානු නෙට්බෝල් තරගාවලියේ තරග හයක් අද දිනයේත් පැවත්වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...