CID සහ පොලිසියේ ඇස් වසා ජොන්ස්ටන් කොහෙද ගියේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධියේ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අද (21) දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් රැසක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට හා ඒ අවට රැකවල්ලා ගෙන සිටි බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමට සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත, එලෙස රැකවල් යොදා තිතිබුණු බව පැවසේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පිවිසීමට තිබෙන සියලුම පිවිසුම් මාර්ග ආවරණය පරිදි පොලිසිය එලෙස රැකවල් යොදා තිබුණු බව වාර්තා වේ.

මේ වන විට විදෙස් ගමන් තහනම් කර තිබෙන සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් සේවියර් ප්‍රනාන්දු යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කුරුණෑගල පොලිසිය මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (06) යටතේ දැනුවත් කර තිබුණ ද, එය මගහරිමින් සැකකරු කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන් බව වාර්තා වේ.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණ විමර්ශනයට අදාළ සහාය ලබා දීමක් සිදු නොකරන බවද නිරීක්ෂණය වී ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම්දී තිබේ.

එහිදී අදාළ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...