ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21:
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සීමා සහ නාවික අවහිරතා හේතුවෙන් ඉරානය දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින බවත්, එරට ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මුදල් හිඟයකට මුහුණ දෙමින් සිටින බවට ද ඇමරිකාව සඳහන් කර තිබේ.

ඉරානයේ ආර්ථිකයට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බොරතෙල් අපනයනයට ඇමරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර ඇමරිකානු බලධාරීන් පවසන්නේ මෙම ක්‍රියාමාර්ග හරහා ඉරානයේ ආදායම් මාර්ග සීමා කරමින් එරට රජයට සහ හමුදා ව්‍යුහයට පීඩනය වැඩි කිරීමට හැකි වී ඇති බවයි.

ඇමරිකානු පාර්ශ්වයේ ප්‍රකාශ අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට මෙන්ම ඉරානය සමඟ සබඳතා පවත්වන කලාපීය සන්නද්ධ කණ්ඩායම්වලට ද මූල්‍ය පීඩනය ද ඉහළ ගොස් ඇති බව කියැවෙන අතර මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් හමුදා වියදම්, වැටුප් ගෙවීම් සහ කලාපීය ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑමට බලපෑම් එල්ල විය හැකි බවට විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත්, IRGC හි මුදල් සංචිත සහ එහි මෙහෙයුම් පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධියේ නොමැති බැවින්, එහි මූල්‍ය තත්ත්වය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීම අපහසුය.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් එරට පාලන පද්ධතිය කඩා වැටීමට ආසන්න බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරමින්, ඇමරිකානු පීඩනය හමුවේ තම ස්ථාවරය වෙනස් නොකරන බව අවධාරණය කර තිබේ.

ඉරානයේ ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ ගියහොත්, එය රටේ රාජ්‍ය වියදම්, ආනයන සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි මුත්, රටේ ආර්ථික අර්බුදයක් පැවතීම පමණක් රජයක් කඩා වැටෙන බව තහවුරු නොකරයි. ඉරානයේ ඉදිරි තත්ත්වය තීරණය වීමේදී එරට අභ්‍යන්තර ස්ථාවරත්වය, හමුදාවේ ක්‍රියාකාරීත්වය සහ ඇමරිකාව සමඟ ඇති සබඳතා ප්‍රධාන සාධක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...