රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW :
කවන්තිස්සට ලබා දුන් ප්රතිකාර සහ එහි මරණය පිළිබඳ විමර්ශනයට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ .
‘කවන්තිස්ස’ ඇතාට ලබා දුන් ප්රතිකාර ක්රියාවලිය සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ අනෝමා ප්රියදර්ශනී මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරයි.
කමිටුවේ අනෙක් සාමාජිකයින් වන්නේ පරිසර අමාත්යාංශයේ විමර්ශන අධ්යක්ෂ ඒ. එල්. බස්නායක මහතා සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ඊ. එල්. ද සේරම් මහතායි. මෙම කමිටුවට සිය වාර්තාව මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා ප්රකාශ කළේය.
මේ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘කවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් තවත් විමර්ශන කමිටුවක් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. සියඹලන්ගමුව යාය 3 ප්රදේශයේ කුඹුරු යායක වැටී සිටියදී මියගිය ‘කවන්තිස්ස’ නම් ඇතා, වෙඩි පහරක් හේතුවෙන් දකුණු ඉදිරි පාදයේ ඇති වූ තුවාලයකට වනජීවී පශු වෛද්යවරුන්ගේ ප්රතිකාර ලබමින් සිටියේය.


