රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW :
රාගම, බටුවත්ත ප්රදේශයේ සුසාන භූමියක වළ දමා තිබියදී විදේශීය නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගබඩා කරන කොටසක් (magazine) සහ ජීව උණ්ඩ 24ක් සොයාගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී මෙම දෑ සොයාගෙන තිබේ.
දැනට රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම අවි ආයුධ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මත්ද්රව්ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්රශ්න කරමින් පවතී.


