තානාපති ශෝබිනි ගුණසේකර පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් හමුවට

Date:

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (DFA) ලේකම් කාර්යාලයේ දී එරට විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මැතිතුමා හමු වූවා ය.

මෑතක දී ධුරයට පත් වූ ලේකම් මනාලෝ මැතිතුමාට සුබ පැතූ තානාපති ගුණසේකර මැතිනිය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ ශුභාශිංසන ලිපිය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරයේ සමාරම්භක අවස්ථාවේ දී සිදු කළ ප්‍රතිපත්ති ප්‍රකාශය භාර දුන්නා ය. 2022 සැප්තැම්බර් මස පැවති ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 55 වැනි වාර්ෂික රැස්වීම අරභයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැනිලා නුවර සිදු කළ රාජ්‍ය සංචාරය සහ  2022 ඔක්තෝම්බර් 12 සිට 16 යන දිනවල පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර යාත්‍රාවේ (OPV) P627 සුහද සංචාරය පිළිබඳව සඳහන් කළ තානාපතිනිය, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික ප්‍රවණතා මෙන්ම දෙරට අතර පවතින වත්මන් ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳව දැනුම්වත් කළා ය.  

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය වඩාත් හොඳ රැකියා අවස්ථාවලට යොමු කිරීමට ඉවහල් වන, MSME සහ කුසලතා සංවර්ධන අංශ ආශ්‍රිත ඊ- වාණිජ කටයුතුවලට අදාළව,   තානාපති කාර්යාලය පිලිපීනය තුළ මේ වන විට ක්‍රියාත්මක කොට ඇති මුලපිරීම් සහ විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ මුලපිරීම් පිළිබඳව එතුමිය මෙහිදී අවධාරණය කළා ය.තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ධාරාවට යොමු කිරීම, සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, PalayCheck පද්ධතිය මෙන්ම සහල් සහ සහල් පදනම් කරගත් තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් සඳහා අතථ්‍ය අයුරින් පවත්වනු ලබන තාක්ෂණික සහයෝගීතාව සහ ධාරිතා ගොඩනැගීම පිළිබඳ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් පිලිපීනයේ DFA-තාක්ෂණික සහයෝගීතා කවුන්සිලය (DFA-TCCP) දක්වන ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද එතුමිය සිය කෘතඥතාව පළ කළා ය.

ශ්‍රී ලංකාව සමඟ සිය දේශපාලන හා ආර්ථික සබඳතා තවදුරටත් පැවැත්වීම සඳහා පිලිපීනය සිය පූර්ණ ද්විපාර්ශ්වික සහය ලබා දෙන බව විදේශ කටයුතු ලේකම් මනාලෝ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. තුන්වැනි වටයේ දේශපාලන උපදේශන මෙම වසරේ අගභාගයේ දී හෝ ලබන වසරේ මුලදී පැවැත්වීමට හැකි බවට එතුමා යෝජනා කළේ ය.

2004 දී සේවයෙන් නික්ම ගිය තානාපති ඩේලියා ඩොමින්ගෝ-ඇල්බට් මැතිනියගෙන් පසු පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් ලෙස පත් වූ දෙවැනි වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික ලේකම්වරයා වන්නේ මනාලෝ මැතිතුමා ය. එතුමා 2016 සහ 2018 වසරවල ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 1 වැනි සහ 2 වැනි වටයේ දේශපාලන උපදේශන වට ද්විත්ත්වය පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 ඔක්තෝබර් 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...