ඊජිප්තු ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තිරයට ළඟා වේ

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊජිප්තුව හා ගාසා තිරය යා කරන රෆා දේශසිමාව ඊයේ දිනයේදී ජනධිපති ජෝ බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරයේදී කරන ලද ඉල්ලීමකට අනුව විවෘත කිරීමත් සමඟ ගාසා තීරයේ මිලියන 2.3 වන ජනගහනය වෙනුවෙන් ආහාර,ජලය හා ඖෂධ ආධාර රැගත් ට්‍රක් රථ 20 ක් ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපයේ සිට ගාසා තිරයට එමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව පුද්ගලයන් 300,000 වෙනුවෙන් මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සැපයුම් සහිතව පුද්ගලයන් 1,200 ක් සඳහා කම්පන සැපයුම් පුද්ගලයන් 235 දෙනෙකු සඳහා ස්ථානීය ස්ථායීකරණය සඳහා අතේ ගෙන යා හැකි කම්පන බෑග් 1500 දෙනෙකුට නිදන්ගත රෝග සඳහා ඖෂධ ආදිය රැගෙන එන බව කියවේ. කෙසේ නමුත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ සින්ඩි මැකේන් ප්‍රකශ කර තිබුණේ, ගාසා තීරයේ තත්ත්වය දරුණු බැවින්, ආහාර පමණක් නොව ජලය, විදුලිය, ඉන්ධන ද නොමැතිවීම නිසා ආධාර ට්‍රක්රථ 20ක් ප්‍රමාණවත් නොවන බවයි.

මෙම ආධාර හමාස් ත්‍රස්තයන් අතට පත් වන්නේ නම් ආධාර බෙදාදීම ඉන් අවසන් වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇති අතර ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සැපයුම් සිදු කෙරෙනු ඇති බවයි.

එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ගාසා තීරයේ පිරිහෙන මානුෂීය අර්බුදය වෙනුවෙන් සටන් කරන මුත් සටන් විරාමයක් ඉල්ලා නොමැති අතර හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7දා එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1400 මියගොස් 200කට අසන්න ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියි. ඊට අමතරව ඊශ්‍රායල විසින් හමාස් ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් මේවන විට අවම වශයෙන් පලස්තීනුවන් 4,137ක් මිය ගොස් ඇති බව පලස්තීනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...