ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්!

Date:

කොළඹ LNW:ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බවයි කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් මහතා එම තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් ලෙස ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය – ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ. අයි. යූ. පෙරේරා මහතා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස පත් කර තිබේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කරනු ලැබිය යුතු වෙයි.

එම පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එහි 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර ඔවුන්ගේ ධුර කාලය වසර 03කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?