හැංගුණ ජොන්ස්ටන් අභියාචනාධිකරණයට කියපු දේ

සටහන – රුවන් නෙළුගොල්ල

ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හෙට (23) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතීඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, තමන්ව අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු විසින් ගොනුකරන ලද පෙත්සමක් අද (22) දිනයේ කැඳවූ අවස්ථාවේදී ය.

පෙත්සම ලබන 25 වනදා නැවත කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබියදී හමුවූ BMW මෝටර් රථයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර එම මෝටර් රථය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් එකක් බව එම රථය එහි නතර කර ගිය තැනැත්තා විසින් පොලීසියට ප්‍රකාශ කර තිබුණු බව සඳහන්.

මෙම මෝටර් රථය ලියාපදිංචි නොකර ගරාජ් අංකයක් භාවිතා කරමින් ධාවනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය උත්සාහ කළ ද ඔහු විමර්ශන මඟහැර තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...