ගම්මන්පිල වගේ අය ආපහු පාර්ලිමේන්තු ආවොත් නම් මහා විනාශයක් වෙන්නේ – බත්තරමුල්ලේ සීලරතන හිමි

Date:

කොළඹ LNW:පාස්කු විමර්ශන වාර්තා ළඟ තබාගෙන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රංගනයක යෙදෙමින් සිටින අතර එය සාර්ථක ද? අසාර්ථක ද? යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇතැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද පාස්කු විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමේ සිද්ධිය පිළිබඳව අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙවැනි පුද්ගලයින් යළි පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැව්වහොත් මහා විනාශයක් සිදුවන බවද උන්වහන්සේ කියාසිටියහ.

‘අත්තෙන් අත්තට පනින අයට පිස්සු හැදිලා. පාස්කු. පාස්කු.හැමෝම මේ ගැන කෑගහනවා. මේ නිසා ඒ මිනිසුන්ට නිවන් යන්න පුලුවන් වෙයිද? දැන් ගම්මන්පිල කියනවා එයා ගාව අවශ්‍ය ලේඛන තියෙනවලු. ඇයි හත්වලාමේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ මේවා කියන්න එපැයි. ඒ කාලේ මේ ලේඛන දුන්නේ නැද්ද? ඔය අය ආයේ පාර්ලිමේන්තුට ගියොත් විනාශයක් වෙන්නේ. ගම්මන්පිට කියනවා මාරාන්තික උපවාසයක් කරන්න කියලා. ගම්මන්පිල කරන්නේ රංගනයක්. මේ රංගනය පිටිපස්සේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. මෙහෙයවන කණ්ඩායමක් අනිවාර්‍යයෙන් ඉන්නවා. අපි බලමු රංගනය සාර්ථක ද නැද්ද කියලා. අසාර්ථක වුණොත් ගල් ගහාවි. ” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...